The End of the F***ing World Season 1-2 [Complete]

The End of the F***ing World


25 min|Adventure, Comedy, Crime, Drama, Romance, Thriller|24 Oct 2017

8.1Rating: 8.1 / 10 from 120,162 usersMetascore: N/A__________________________________________________________________________________The End Of The Fucking World කියන්නෙ ඩාක් කොමඩි ගණයට වැටෙන බ්‍රිතාන්‍යය රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාවට පාදක කරගෙන තියෙන්නෙ Charles S. Forsman නම් ලේඛකයගෙ 2013 වසරෙදි මේ නමින්ම නිපද වූ කොමික් සීරිස් එකක්. Episode අටකින් යුක්ත පළමු කතා සමය විකාශය වුණේ බ්‍රිතාන්‍යයෙ Channel 4 නාලිකාවෙ. පසුව 2018 ජනවාරි පස්වෙනිද Netflix හරහා ජාත්‍යන්තරව කතා මාලාව නිකුත් වුණා. (2014 දිත් TEOTFW නමින් ශෝට් ෆිල්ම් එකකුත් නිකුත් වුණා. මේකෙ Alyssaට රගපෑවෙත් Jessica Barden. )

කතා මාලාවෙ Pilot එක

James කියන්නෙ තමන් මානසික ආබාදයකින් පෙලෙනවා යැයි සිතන සහ හැගීම් දැනීම් ඉතාම අඩුවෙන් දැනෙන අවුරුදු 17ක පිරිමි ළමයෙක්. ඔහු කුඩා කාලයෙදි වේදනාව ගැන දැන ගැනීමේ අරමුණින් උණු වතුරෙන් ඉතා දරුණු ආකාරයට අත පුලුස්ස ගන්නව. වයස අවුරුදු අටේදි ඔහු කුඩා සත්තු මරන්න පටන් ගන්නව. ඔහු දැන් සැරසෙන්නෙ මිනිසෙකු මැරීමට. ඒ සදහා ඔහු තෝර ගන්නෙ තමන්ගෙ පන්තියේ සිටින ඔහුගෙම වයසෙ Alyssa නම් තරුණ කෙල්ල. Alyssa කියන්නෙ පොඩි පොඩි ගැටලු වලින් පෙලෙන කටකාර කෙල්ලෙක්. මොහුන් දෙදෙනාම තමන් ගත කරන බෝරින් ජීවිතය ගැන සතුටින් නෙවෙයි ඉන්නෙ. Alyssa, James මුන ගැසුණු පසු ඇය සිතන්නෙ ඇයට ගැලපෙනම කෙනා මුන ගැසුන කියල. James ඇය මැරීමේ අදහස ඇතිව දෙදෙනා අතර රොමෑන්ටික් ප්‍රේම සම්භන්දතාවක් ඇතිකර ගන්නව. ඉන්පසුව පසුවදා ඔහුන් දෙදෙනා නැවත Jamesගේ නිවසෙදි මුන ගැසීමට කතිකා කරගන්නව. ඉතින් James ඇය ඝතනය කිරීමේ අදහස ඇතිව ඇය නිවසට පැමෙණෙන තුරු බලාගෙන සිටිනව. නමුත් Alyssa අදාල වෙලාවට Jamesගේ නිවසට යෑමට නොහැකි වෙනව. ඒ ඇගේ නිවසේ පාර්ටියක් හේතුවෙන් . ඒ පාර්ටිය අතරතුරදි Alyssaගෙ සුලු පියා ඇයට පවසනව ඇයට පුලුවන් නම් ගෙදරින් යන ලෙස සහ ගිය හොත් ඔහුන්ට හොදක් වෙන බව. පසුව Alyssa ගොඩක් ප්‍රමාදවෙලා Jamesගේ ගෙදරට පැමිණෙනව. පසුව ඇය ඔහුට පවසනව තමන් සමග මේ නගරය අතහැරදා යෑමට පැමිණෙන ලෙස. James ඒ සදහා කැමති වෙනව. ඒ පසුව ඇය ඝාතනය කිරීමේ චේතනාව ඇතිව. ඉන්පසුව ඔහුන් දෙදෙනා Jamesගේ පියාගේ කාර් එකද සොරා ගෙන එංගලන්තය වටේ රෝඩ් ට්‍රිප් එකක් යනව. ඒ අතරතුරදි මොහුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්දය වැඩි දියුණු වන ආකාරය අපිට කතා මාලාවෙන් බලාගන්න පුලුවන්.

මෙහෙම කිවුවට කතා මාලාව අතරතුරදි ඇති තරම් හිනාවෙන්න පුලුවන්. කොමඩි උනාට අවසානය කොමඩි තරන් සුන්දත් නෑ. ඩාක් වලත් ඩාකස්ට්ම කොමඩියක්.

කතා මාලාවෙ Jamesට රගපාන්නෙ Alex Lawther (Black Mirror). Alyssaට රගපාන්නෙ Jessica Barden. ඒ වගේම Game Of Thrones කතා මාලාවෙ යාරා ග්‍රේජෝයිට රගපාන Gemma Whelanවත් බලාගන්න පුලුවන්.
ප්‍රදාන චරිත දෙකේ රගපෑම සුපිරී වගේම කතා මාලාවෙ චරිත වල ගොඩ නැගීමත් සුපිරී. ක්‍රිටික්ස් ප්‍රතිචාරත් හොද මට්ටමක පවතිනව. 8.3ක Imdb අගයකුත් ලබාගෙන තියනව..

NF WEB-DL 480p X264

NF WEB-DL 480p X26








Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න


Post a Comment

0 Comments