හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි කොළඹ පිටකොටුවේ බඩු ගන්න යනකොට ඒ ඒ බඩු ගන්න මොන මොන පාරවල්වලද යන්න ඕන කියන එක. කොළඹට ගිහින් ඇහුවාමත් දැනගන්න පුළුවන් වෙයිනෙ. ඒත් ඉතින් දැනගෙන යන එක හොඳයි කියලා තමයි හොයලා බැලුවෙ
.මමපොඩි පොත් පිංචකින් හොයාගත්තු කාරණා ටික ඔන්න ජාලෙට දානවා. ඕගොල්ලො දන්න කියන කාරණාත් දාලා පෝස්ට් එක වැඩි දියුණු කරන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.මෙන්න මේවා තමයි මම හොයාගත්තෙ.
බෑග්, ඔරලෝසු, පාවහන් (පිරිමි )- මල්වත්ත පාර, 01 වෙනි හරස් වීදිය
විදුලි උපකරණ හා ලෙදර් වර්ග - කුමාර වීදිය
ගොඩනැගිලි ද්‍රව්‍ය - පරණ යොන් වීදිය
විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ, පොලිතින් - චයිනා වීදිය
රෙදි - 2වෙනි හා 3වෙනි හරස් වීදි, කෙයිසර් වීදිය
රසායන ද්‍රව්‍ය - බංගසාල වීදිය
බෙහෙත් බඩු හා කේක් බඩු - ගබෝස් ලේන්
ආහාර (තොග ) - 4 වෙනි හරස් වීදිය
එළවළු - මැනිං වෙළඳපොළ, ඕල්කට් මාවත
කරවල - පෙරේරා මාවත
මංගල අරයුම් පත් - මැලිබන් වීදිය
මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය - රෝහිනි 1වෙනි පටුමග
තරාදි හා ආයුධ වර්ග - 3 වෙනි හරස් වීදිය
විදුලි උපකරණ හා මැහුම් උපකරණ - 2වෙනි හරස් වීදිය
Updated:
විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් - 1 හරස් වීදිය
ඇඳුම් පැළඳුම් ( විසාකාමල්ස්, රන්ජනාස් වගේ මහා පරිමාණ ) - මේන් ස්ට්‍රීට්
වීදුරු, මුහුණ බලන කණ්නාඩි - කුමාර වීදිය
බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය
වායු රයිෆල් - වේල්ල වීදිය
රත්තරන් බඩු - හෙට්ටි වීදිය
කෘතිම මල් - බංගසාල වීදිය
කොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්‍රවුන්ඩ් කඩ
ඔන්න ඔය ටික තමයි මට හොයාගන්න ලැබුනෙ. නිතර දේවේලෙ කොළඹ රටේ ගැවසෙන කොළඹ ගෙදර වගේ ඇත්තන්ගේ දැනුම අපේක්ෂා කරනවා.
ප.ලි. : ඉරිදා දින බොහෝ වෙළඳසැල් වසා ඇත.
ආයිත් මෙ වගෙ අලුත් දෙයකින් හම්බෙමු...........................
5 Comments
ඇත්තටම නියමයි..
ReplyDeleteThanq
Deleteඇත්තටම නියමයි..
ReplyDeleteThanq
DeleteThanx.👍
ReplyDeleteThanks For the Your Comment..