Video Codecs


Video Codecs

අපි සාමාන්‍යයෙන් Film එකක් Tv series එකක් download කරන්ඩ යද්දි ගොඩක්ම බලන්නෙ Resolution එක සහා, Rip එක.. 480p ද,720p ද, 1080p ද නැත්තම් 2160p ද, නැත්නම් CamCopy ද, WebRip ද, Bluray ද කියලා.

➡️ Films නම්; • CamCopy/Rip • HDTS • HDTC • HDRip • WebDl • WebRip • BluRay
 ➡️ Tv Series නම්; • HDTV/Proper/ INTERNAL • WebRip/WebDl • Bluray

මේ පිලිවෙලට තමයි Quality එක අනුව එක එකක් Formats සාමාන්‍යයෙන් නිකුත් වෙන්නෙ. හැමෝම ඒක දන්නවනෙ. කොච්චර කොපි ආවත් හැමෝම කැමති හොඳ quality එකෙන් බලන්ඩ.. Film එකක, Tv series එකක Quality එක Resolution එකෙන්, Rip format එකෙන් වගේම Codec එකෙනුත් එකනෙකට වෙනස් වෙනවා. ගොඩක් දෙනෙක් දන්නවා ඇති.. නොදන්න අයත් ඇති.. බලමු අපි ඒ ගැන..
 ▌│█│║▌║││█║▌║▌║║ │█│║▌║││█║▌║▌║║

📽️ මොකද්ද මේ Video Codec එකක් කියන්නේ? අපි හැමෝම දන්නවා Video එකක් කියන්න වේගයෙන් චලනය වන ඡායාරූප වල එකතුවක්. ඒකට තත්පරයක් ඇතුලත ග්‍රහනය වන ජායාරූප ගණන වැදගත් වෙනවා. ඒ කියන්නෙ Frame Rate එක. සාමාන්‍යයෙන් කැමරාවක තත්පරයකට Frames, නැතිනම් Photos 20ක්, 30ක් ග්‍රහනය වෙනවා. FPS කියලා හඳුන්වන්නෙ ඒක තමයි.(Frame per second).ඒ Photos ප්‍රමාණය RAW Video file එකක තමයි ගබඩා වෙන්නෙ. අපිට ඒ අගය වැඩි කරන්ඩ පුලුවන් Manually.
         අපි හිතමු කැමරාවකින් අපි 1080p Resolution එකට රූපගත කරද්දි, තත්පරයකට Frames, නැතිනම් photos 20ක් වදිනවා කියලා. ඒහෙම උනාම සාමාන්‍යයෙන් තත්පරයක් වීඩියෝවක ප්‍රමාණය 150-180mb අතර ආසන්න අගයක් ගන්නවා. (අපේ සාමාන්‍ය phone එකකින් Video කිරීමක් ගැන නෙවෙයි මේ කියන්නෙ. වෘත්තීමය කැමරාවක් ගැන ගත්තොත්) එවිට පැය දෙකක Film එකක Size එක 1TB නෙවෙයි, 1PB වෙන්ඩත් පුලුවන්.. ඔන්න ඔය ප්‍රශ්නයත් එක්ක තමයි මේ "Video Encoding" ක්‍රමය නැතිනම් විකේතන ක්‍රමය එලියට එන්නෙ..

           📽️ මොකද්ද මේ Video Encoding කියන්නෙ, Encoding එකකදි මොකද්ද වෙන්නෙ? Encoding කියන්නෙ විකේතනය කිරීමක්. මේකෙදි වෙන්නෙ අපි අර ඉස්සරල කියපු විදිහට විශාල ප්‍රමාණයක් ගන්නා වීඩියෝ එකක ප්‍රමාණය අඩු කිරීමයි. ඒ කියන්නෙ Video එකේ කොටස් අඩු කිරීම නෙවෙයි. 😉 මේ ක්‍රියාවලියට යොදාගන්න ක්‍රමවේදය තමයි මේ "Codec" එක කියන්නෙ. Compression (සම්පිණ්ඩනය) සහා Decompression (අසම්පිණ්ඩනය) කියන වචන දෙක එකතු වෙලා තමයි මේ Codec කියන වචනය සහා ක්‍රමවේදය හැදිලා තියෙන්නෙ..
          ඒ ක්‍රියාවලිය වෙන ආකාරය සරලව කෙටියෙන් කියන්නම්. අපි ඉස්සරලා කිව්වා වගේ, Raw file එකක තත්පරයකට ග්‍රහණයවන photos ගණන Scan කිරීමක්, Analyze කිරීමක් තමයි මෙහෙදි සිද්දවෙන්නෙ. එහෙම scan කරලා එක එක එකකට හැම අතින්ම 90% ක් පමණ සර්ව සම Photos තියෙනවනම් මෙතනදි අයින් කිරීමක් වෙනවා. ඒකෙන් තමයි මේ ප්‍රමාණයෙන වැඩි අගයක් ගන්නා වීඩියෝවක ප්‍රමාණය අඩු වෙන්නෙ. තවත් විදිහකට කියනවනම් අපි දෙයක් Video කරද්දි එකින් එක Raw files Encode (ආකේතනය) කරලා, වීඩියෝ එක බලනකොඩ Decode (විකේතනය) කිරීම තමයි සිද්ද වෙන්නෙ. මේකෙදි අර ඉස්සරලා කියපු විදිහට Raw file එකක 90% සර්ව සම Frames අයින් උනා කියලා වෙනසක්, වීඩියෝ එකේ කොටස් වල අඩුවක් වෙන්නෙ නෑ.
             ♻️ මොනවද මේ Codecs වර්ග? මේ වෙනකොට නමින් එකිනෙකට වෙනස් codec වර්ගයන් ගණනාවක් තියෙනවා. නම් වෙනස් උනත් ඒ එක එකකින් වෙන්නෙ එකම දේ තමයි. Coding වන ක්‍රමවේද වල සුලු සුලු වෙනස්කම් සහා ඒ සඳහා යොදාගන්නා Algorithm එකේ වෙනස්කම් තමයි මේ එක එකක සුලු වශයෙන් තියෙන්නෙ.

 ▶️ Xvid ▶️ DivX ▶️ Libvpx ▶️ WMA ▶️ H.264 MPEG-4.AVC ▶️ H.265 HEVC
     
            මේවා codecs ගැන ගොඩ දෙනෙක් අහලා ඇති. මේ අතරින් වැඩි ප්‍රමාණයක් දැනට භාවිත වෙන්නෙ H.264/MPEG-4.AVC (MPEG - Motion Picture Experts Group) සහා H.265.HEVC යන Codec ක්‍රමයන් තමයි. අනිත් Codec ක්‍රමයන් භාවිතා වේන් නැති තරම්..
          මොකද්ද මේ 264 සහා 265? ♻️ H.264/MPEG-4.AVC (Advanced Video coding) 2003 වසරේදි හඳුන්වාදුන්, දැනට වැඩිම ප්‍රමාණයකට යොදාගන්නා Codec එකක් තමයි මේ H264 කියන්නෙ. ⁣මේ Coding ක්‍රමය වැඩි දියුණු කරන්ඩ දායක වෙලා තියෙන්නෙ Panasonic, LG සහා GODO Kaisha කියන ආයතනයන්. BluRay පිටපත් සඳහා වැඩි ලෙසම භාවිතා කරන්නෙ මේ H264 ක්‍රමවේදය. ඒ වගේම YouTube, Netflix Live Stream කරන ආයතන, සහා itune store පවා යොදාගන්නෙ මේ 264 Codec ක්‍රමය.
        නමුත් H.265 Codec ක්‍රමවේදයට වඩා මෙමගින් නිකුත් වන Video පිටපත් වල ප්‍රමාණය, size එක වැඩයි.. ඒ වගේම යොදාගන්නා තාක්ෂණයෙන් ටිකක් අඩුයි. ♻️ H.265.HEVC (High efficiency Video Coding) 2013 වසරේ නිකුත් කළ මේ ක්‍රමවේදය 264 codec එකට වඩා ගොඩක් දියුණු, Advanced තාක්ෂණයක් තමයි තියෙන්නෙ.. දැනට තියන හොඳම Coding එක කිව්වොත් නිවැරදී.. ඒ වගේම Video සහා Sounds Quality එක පවා 264 Codec එකට වඩා ගුණාත්මක බවින් වැඩි...
       නමුත් 264 Codec එකට සාපේක්ෂ බලද්දි මේ හරහා නිකුත් වන Videos වල ප්‍රමාණය ගොඩක් අඩුයි,

උදාහරණයක් විදිහට ගත්තොත්,

 ▶️ H264/MPEG-4.AVC Video Resolutions වල සාමාන්‍ය අගයන් ➡️ H264.720p --> 700mb - 1.2gb අතරද, ➡️ H264.1080p --> 1.2gb - 3gb අතර ද ▶️ H265/HEVC Video Resolutions වල සාමාන්‍ය අගයන් ➡️ H265.720p --> 350mb - 650mb ➡️ H265.1080p --> 800mb - 1.5gb අතර ප්‍රමාණයන් තමයි ගන්නෙ. පැහැදිලි ලොකු පරතරයක Sizes අඩු වීමක් තියනවා.

             ඇයි එහෙම වෙන්නෙ? ඒකට හේතුව තමයි, මේ Codec එකේදි එක එකක Raw files වල තියන Photos වලින් 90%ක් විතර මෙහිදි අයින් කිරීමක් සිදුවෙනවා. එකිනෙකට 90%ක් සර්ව සම ඒවා නෙවෙයි. Raw file එකේ තියන Frames වලින් 90%ක්.. ඉතිරි 10% photos නැතිනම් frames වලින් තමයි Video එක නිර්මාණය වෙන්නෙ. ඒ කියන්නෙ 264 codec එකට වඩා 50% කටත් අඩු size එකක වගේ video තමයි මුදා හැරෙන්නෙ. එතකොට හැමෝම හිතයි මේ format එකෙන් release වෙන Films, Series වල කොටස් අඩු ඇති, Quality අඩු ඇති කියලා. නෑ, කොහෙත්ම නෑ.. කිසිම අඩුවක් වෙන්නෙ නෑ. 265 Codec එකෙන් මුදාහැරෙන Films, Tv series සාමාන්‍ය Monitors වල, Tv වල, DVD Plyers වගේම ගොඩක් Midrange සහා Low budget Phones වල නැරඹීමේ හැකියාව සීමා සහිතයි.
         ඒකට හේතුව තමයි මේ Codec එකේදි මං ඉස්සරලා කිව්වා වගේ Raw file එකක තියන photos වලින් 90% අයින් කරලා, ඉතිරි 10% මගින් මේ සිදු කරන වැඩ කන්දරාව හින්දා ඒ සඳහා Phone එකේ හෝ Lap එකේ හෝ Tv එකේදි, software එකට අමතරව CPU, Ram, Chipset, Monitor එකේ Resolution එක වගේ Hardware උපාංග වල දායනත්වයත් අවශ්‍ය වෙනවා.. නමුත් 264 codec වලදි ඒ ආකාරයෙන් ලොකු ක්‍රියාවලියක් වෙන්නෙ නෑ. ඒකයි ඕනෙම Device එකක ඒ H264 codec format එකෙන් බලන්ඩ පුලුවන් වෙන්නෙ.
           ගොඩක්ම Midrange සහා Low budget Phones වල මේ 265 Format එකේ Films, Series බලද්දි phone එක ලැග් වෙන්ඩ, බැටරි ඉක්මනට අඩු වෙන්ඩ වගේම Heat එක වැඩි වෙන්නෙත් ඒ නිසයි.. ඒක පොඩි අවාසියක්. නමුත් යම් තරමක හොඳ තත්වයේ phone එකක්, Pc එකක් තියනවනම් ගොඩක්ම හොඳ වෙන්නෙ මේ H265 Format එකෙන් නිකුත් ⁣වෙන Video Copies download කරන එකම තමයි. බහුතර කැමැත්ත කොහොම උනත්, පෞද්ගලිකව මම Film/Tv series ගන්නකොට ඉස්සරලම බලන්නෙ Codec Format එක. Quality එක හොඳයි වගේම වැඩි Data ප්‍රමාණයක් නාස්ති නොකර හොඳම තත්වයේ Video පිටපත් Download කරන්ඩ ඒ හින්දා පුලුවන් වෙනවා.. Pahe.in, Psarips වගේ sites වල ගොඩක්ම නිකුත්වෙන්නෙ මේ H265 Format එකෙන්. ඒ හින්දා කියන්ඩ ඕනෙ, පුලුවන් හැම වෙලාවකම Film/ Tv series Download කරන්ඩ බලද්දි කිසි හෙවිල්ලක් නැතිව GB ගණන් දිලා ඩේටා නාස්ති කරගෙන ඒවා බාන් නැතිව, මේ ගැනත් දැනගෙන්, Data ටිකත් ඉතුරු කරගෙන, හොඳම තත්වයේ Video Copies Download කරන්ඩ Try කරන්ඩ. ඔන්න ඕක තමයි සරළව Video Coding වල කතාව සහා හොඳ තත්වයේ Video Copy එකක් හොයාගන්න විදිහ.
           නොදන්න අයට මොකද්ද මේ Video Encoding කියන්නේ, මොකද්ද H264, H265 අතර වෙනස,මොකද්ද හොඳම Quality එකෙන් නිකුත් වෙන්නේ, ඇයි අපි ඒ ගැන බලලා Films/Series Download කරන්ඩ ඕනෙ කියලා පොඩි හරි අදහසක් ඇති කියලා හිතෙනවා.. Part - 2 දැන් බලමු මොකද්ද මේ Film/ Tv series copies වල Title එකේ තියන Bit අගය සහා CH අගය කියන්නේ සහා ඒ එක එකක් අගයන් වලින් Video Copy එකේ Quality එකට ⁣මොකද්ද වෙන්නෙ කියලා.. ♻️ මොකද්ද මේ Bit අගය කියන්නේ.. Bit කියන්නේ "Binary Digits" (ද්විමය) කියන එක.ඉස්සරලාම කියන්ඩ ඕනෙ මේ Bit අගයෙන් කියවෙන්නෙ film copy එකේ resolution එකේ තත්වය ගැන නෙවෙයි. එමගින් කියවෙන්නෙ Video පිටපතේ අභ්‍යන්තර වර්ණ සංයෝජනය ගැන. අපි download කරන Film හෝ Tv series කොපි එකේ Title එකේ යම් කිසි Bit අගයක් සඳහන් වෙනවා ඔබ දැක ඇති. 8bit හෝ 10bit කියලා

 උදා:- ▶️ Joker.2019.1080p.10bit.Bluray.8CH.×265.HEVC

             ඉස්සරලාම බලමු මොකක්ද මේ බිට් අගය කියන්නෙ කියලා.මේ අගය අඩු වැඩි වීමෙන් මොකක්ද වීඩියෝ පිටපතට ව වෙනස්කම? අපි දන්නවා video එකක් හැදෙන්නෙ Frames/Photos ගණනාවක එකතුවකින් කියලා. මේ එක එකක් photo/frame එකක වර්ණ සම්භන්දව බැලුවොත් වර්ණ සැකසීමේ මුලික කරුණු ගැන චුට්ටක් කියන්ඩ වෙනවා. හැමෝම අහලා ඇති "ප්‍රාථමික වර්ණ" (Channel) ගැන නැතිනම් RGB කියලා හදුන්වන්නෙ. (R - Red/G- Green/B - Blue) ජායාරූපයක, වීඩියෝ එකක වේවා වර්ණ සැකසෙන්නේ එක එකක් කුඩා Pixels (Picture Elements-> Pic+El> Pixel) එකතු වීමෙන්. Pixel එකක් හැදෙන්නෙත් bit ගණනාවකින්. මේ එක එකක් Pixel එකක අපි ව්‍යුහයට ගියොත් ඒවා ගොඩ නැගිලා තියෙන්නෙ කේත මාලාවකින් [ද්විමය කේත.1,0 ] සෑදුණු ඉහත කියපු ප්‍රාථමික වර්ණ සංයෝජනය වීමෙන්. 

                    ➡️ මුලින්ම බලමු 1Bit ඡායාරූපයක තත්වය- 1Bit ඡායාරූපයක ගබඩා කල හැකි වන්නෙ වර්ණ දෙකක් පමණි. සුදු සහා කලු. ඒ කියන්නෙ 1bit ඡායාරූපයක අපිට දැකගන්ඩ පුලුවන් වෙන්නෙ කලු හා සුදු සංයෝජනය වීමෙන් සෑදෙන ඡායාරූපයක් පමණි. • 1bit - 2×1 = වර්ණ 2ක සංයෝජනයක් • 2 bit - 2×2 = වර්ණ 4ක සංයෝජනයක් • 3bit - 2×2×2 = වර්ණ 8ක සංයෝජනයක් මේ තමයි සරළම හැඳින්විම. දැන් අපි බලමු 8bit, 10bit අගයන් වලදි වර්ණ කෙසේ වේවිද කියලා.

                          ▶️ 8bit සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ වීඩියෝ කැමරාවක පිටපත් වීඩියෝ වෙන්නෙ 8bit තත්වයෙන්. ඉහත ආකාරයට ගණනය කලොත්; • 8bit - 2*8 -> 256 -> 256×256×256 = 16.7 (මිලියන) (256 තෙවරක් ගුණ වී තියෙන්නෙ, R, G සහා B වර්ණ එක එකක් සඳහා අන්තර් වර්ණ විභේදනයන් 256 ගණනේ ඇතුලත් වනවා කියන එකයි, නැතිනම් R,G,B යන Channel තුනෙයි තවත් වර්ණ ප්‍රභේද 256 බැගින් අඩංගු වෙනවා කියන එකයි.) ඉහත ආකාරයට මිලියන 16.7ක සියුම් වර්ණ ගණනාවක් අපිට දැක ගන්ඩ පුලුවන්. වර්ණ ප්‍රභේද වැඩි වීමෙන් ඒ එක එකක් bit අගයන් වැඩි වන වීඩියෝ පිටපත්වල වර්ණවත් සියුම් ප්‍රමිතියක් දැකගන්ඩ පුලුවන් වෙනවා.
                       ▶️10bit මෙය 8bit වර්ණ තත්වයට වඩා ඉහල, සහා වැඩි වර්ණ විභේදනයකින් යුක්තයි. ඒ කියන්නෙ •10bit - 2*10-> 1024 බැගින් RGB ව්‍යුහයෙන් බැලුවොත් 1024×1024×1024= 1.07 (බිලියන) මෙහිදී අපිට 8bit වීඩියෝවකට වඩා බොහෝ සෙයින් විභේදනය වෙච්ච වර්ණ බිලියනය 1.07 ක පමණ පරාසයක් දැකගන්ඩ පුලුවන්. ඒ කියන්නෙ 8bit වීඩියෝවකට වඩා මේහි වර්ණ සංකලනය වැඩි.
                       ▶️ HDR 10bit වලින් පසුව පිටපත් නිකුත් වන්නෙ HDR ප්‍රමිතියෙන් යුතුවයි. නැති නම් High Dynamic Range කියලා හඳුන්වන්නෙ මෙයයි. මෙමගින් වර්ණ වල සැබෑ වර්ණය දීප්තිමත්ව සහ ගැඹුරු ලෙස දර්ශනය වෙනවා. අපිට IPs පැනල් එකකයි, Amoled පැනල් එකකයි වෙනස බැලු බැල්මට හොයන්ඩ පුලුවන් වගේම පැහැදිලි වෙනසක් මෙම HDR පටපතක දැක ගන්ඩ පුලුවන්. HDR දර්ශන SDR (Standard Dynamic Range) ප්‍රමිතියට වඩා ඉහලයි. SDR මගින්ද අප හට HDR තත්වය කරම් ගැඹුරට, පිරිසිදු වර්ණයම ලබා දීමට අපොහොසත් වෙනවා. තවත් විශේෂ කරුණක් නම් මෙම HDR ප්‍රමිතියෙන් නිකුත් වන වීඩියෝ නිකුත් වෙන්නෙ, 2160p (4K) resolution පිටපත් සමගයි.. වෙන වෙනම කියන්ඩ ඕනෙ නෑනෙ. ඕනෙ කෙනෙක්ට තේරෙනවා මේ අතරින් හොඳම වර්ණ තියෙන්නෙ 4K.HDR පිටපත් සඳහා බව.තවත් දෙයක් කිව්වොත් මෙම HDR පිටපත නිකුත් වෙන්නෙත් 10bit ආකාරයටමයි.

             උදා- ➡️ Joker.2019.2160p.10bit.HDR.Bluray.8CH.×265.

             නමුත් H264 Codec Fiml Copy වල මෙම බිට් අගය සඳහන් වෙන් නෑ. ඒ වෙනුවට ඔවුන් ගොඩක් දුරට Resolution එක පමණක් Title එකේ යොදනවා. ඔවුන් චැනල් අගය සඳහන් කරන්නේද 5.1 හෝ 7.1 කියලා විතරයි. ඔන්න ඔය ආකාරයට තමයි බිට් (bit) අගය වීඩියෝ පිටපතකට බලපාන්නෙ.. තවත් විදිහකින් කිවවොත් Bit අගය වැඩි වෙන්න වෙන්න, වීඩියෝ පිටපතේ වර්ණ සංකලනය, ගුණාත්මක බව සියුම්ව ඉහල යනවා. දැන් අපි බලමු CH අගය වීඩියෝ පිටපතකට බලපාන ආකාරය.. █║▌│█│║▌║││█║▌║▌║║█║▌│█│║▌║││█║ ♻️

                 මොකක්ද මේ CH (Channel) අගය? සරළවම කිව්වොත් මෙම අගයෙන් කිය වෙන්නෙ Film එකක නරඹන්නාට ලබා දෙන ශබ්දයේ ගුණාත්මක බව ගැන. නැති නම් අපිට ශබ්දය ගාලාගෙන එන මාධ්‍යයන් ගණන (Speakers). Audio Channels ගැන කියන්ඩ කලින් තව පොඩි දේවල් ටිකක් තියනවා දැනගන්ඩ.
                 ▶️ Surround Sounds - මොකක්ද මේ Surround Sounds කියන්නෙ? සාමාන්‍යයෙන් සින්දුවක් හෝ කුමක් හෝ වේවා ශ්‍රවණය කරද්දි ශබ්ද ය අපිට ලැබෙන්නෙ අපි ඉදිරියෙන් තියෙන Speakers වලින්නෙ. ඒ කියන්නෙ ශබ්දය අප වෙත ලඟා වෙන්නෙ සෘජුව. නමුත් මේ Surround මගින්, ශ්‍රාවකයා වෙත ලැබෙන ශබ්දය අංශක 360° කින්ම ලඟා වෙනවා. ඒ කියන්නෙ video පිටපතේ ශබ්දය එක එකක් speakers, නැති නම් චැනල් වෙතින් බෙදිලා තමයි නරඹන්නා, ශ්‍රාවකයා වෙතට එ⁣න්නෙ. සිංහලෙන් කිව්වොත් හතර වටෙන්ම. තව දෙයක්, වීඩියෝ පිටපතක මේ Surround Sounds ලබා දීමට නම්, MP3 ආකාරයට වඩා වැඩි ප්‍රමිතියකින් යුතු ශබ්ධ තතාක්ෂණයක් වගේම, Speakers 3 ක් හෝ ඊට වඩා අවශ්‍ය වනවා. දැන් අපි බලමු MP3 වලට වඩා ගුණාත්මක වූ මේ මොනවද මේ Audio technologies කියලා හැමෝම අහලා ඇති, නැත්තම් film Title වල දැකලා ඇති AAC, AC3, DTS, විදිහට සටහන් වෙලා තියනවා. මේ සඳහන් වෙන්නෙ එක එකක් Films මුදා හරින Audio තත්වය..

 ➡️ AC3 (Audio Coding 3) - MP3 Format එකට වඩා Advance ය.මෙම ශබ්ද කේතනය බොහෝ විට යොදාගන්නෙ DVD formats සඳහා පමණි. Bluray Disc සඳහාද යම් අවස්ථාවන් වල යොදාගන්නවා. (H264 Codec video පිටපත් වැඩි වශයෙන් මෙම AAC සහා AC3 කේතනයෙන් නිකුත් කරනවා, H265 codec මෙම ක්‍රම දෙකට අමතරව ඊට ඉහල තත්වයේ ශබ්ද තාක්ෂණයන් භාවිතා කරනවා

 ➡️ AAC(Advance Audio Coding) - ⁣AC3 Format එකට වඩා Sound Quality එක උසස්ය. බොහෝ වීඩියෝ පිටපත් අඩංගු වන්නේ මෙම Audio Type එකට.

 ➡️ DTS (Digital Theater System) -ඉහත ආකාරයන් දෙකට වඩා මෙම ශබ්ද කේතනය ගුණාතමක බව වැඩි.හොඳම තත්වයේ ශබ්ද රටා මේ කේතන තාක්ෂණය තුලින් ශ්‍රවණය ⁣වනවා. H265 Codec වීඩියෝ පිටපත් මේ ශබ්ධ ගුණාත්මක බවින් නිකුත් වෙයි.

 ➡️Dolby atmost - මේ දැනට පවතින හොඳම තත්වයේ ශබ්ද තාක්ෂණ ක්‍රමය වන්නේ මෙයයි. සිනමාහල් වල හොඳම තත්වයේ ශබ්ද රටා ග්‍රහණයට මෙම කේතන ක්‍රමය යොදා ගැනෙ. එමගින් Channels 64ක් තරම් වැඩි මාධ්‍ය ප්‍රමාණයක් ඔස්සේ ශබ්දය ⁣ශ්‍රාවකයා වෙත ගෙන යා හැකි අතර Video මෙන්ම Audio පිටපත් සඳහාද මෙම තාක්ෂණය යොදාගන්නවා. 3D Sounds ලබැ ගැනීමටද මෙම තාක්ෂණය ඔස්සෙ පුලුවන්. 'TrueHD Atmost" කියන්නෙත් මේ අනුසාරයෙන් නිර්මාණයය වුණු Sounds ක්‍රමයක්. නමුත් එමගින් output කල හැකි වන්නෙ Channels 8ක් සඳහා පමණයි.. (H265 codec video පිටපත් සඳහා යොදැගැනේ). දැනට පවතින සියලුම ගණයේ Home theaters, Amplifier, Audio Setups මෙන්ම Smart Phones සඳහාද Dolby atmost තාක්ෂණය යොදා ගන්නා අතර, Dolby Atmost තාක්ෂණය භාවිතයෙන් ගොඩ නැගුණු ප්‍රථම Tv series එක වන්නේ Game of Thrones කතා මාලාවයි. දැන් අපි බලමු මේ 2CH, 6CH, 8CH අගයන් කියන්නෙ මොනාද කියලා.. 🔊 2CH ( 2 Channels) මේ ආකාර සඳහන් වීඩියෝ Copy එකකින් ලබා දෙන ශබ්දය අප වෙත ලඟා වීමට Speakers දෙකක් අවශ්‍ය වෙනවා (left, right).
          නමුත් Sub woofer එකකින් ශබ්දය ලබා ගැනීමට මෙමගින් නෙහැකියි. අපි PC එකෙන් Sub එකක් හරහා ශබ්දය ලබාගත්තත් ඒ ලැබෙන්නෙ අනුමත, ප්‍රමිතිමය ශබ්දයක් නොවෙයි.
 🔊 3CH නැතිනම් 2.1 CH මෙහිදී අපිට Speakers දෙකට අමතරව Subwoofer එකක් භාවිතා කරන්න පුලුවන්. ගුණාත්මක බව අතින් 2CH< 3CH 🔊 4CH නැතිනම් 3.1 CH මෙමගින් දැන් ඔබට Surround Sounds ශ්‍රවණය කල හැක. මෙයින් අදහස් කෙරෙන්නෙ speakers 3ක් සහා, Subwoofer එකක් මගින් ශබ්දය ඔබට ලබාගන්න පුලුවන් කියන එක. Film/Tv series කොපි වල 2CH ආකරයට පසුව අපිට Download කරගන්ඩ පුලුවන් වෙන්නෙ 6CH, සහා 8CH ඊට ඉහල ශබ්ද තත්වයන්ගෙ පිටපත් පමණයි. ඉහත 3CH, 4CH මෙන්ම 5CH ආකාරයන්ගෙන් පිටපත් මුදාහරන්නෙ නැති තරම්ය.

 🔊 6CH නැතිනම් 5.1 CH හොඳම තත්වයේ Surround Sounds අත්දැකීමක් ලබා ගන්ඩ නම් 6CH හෝ ඊට වැඩි CH අගයක් ඇති පිටපතක් download කල යුතුමය. මෙමගින් Speakers 5ක් සහා, Subwoofer එකක් මගින් ශබ්දය විභේදනය වී ලබාගන්ඩ පුලුවන්.. ඒ කියන්නෙ හොඳම තත්වයේ Sounds output එකක්.

 🔊 8CH නැතිනම් 7.1 CH 6CH ක්‍රමයේ වීඩියෝ පිටපත් වලට වඩා තවත් ඉහලා ගුණාත්මක බවකින් යුතු ශබ්ද රටා ප්‍රේක්ෂකයා වෙත මෙමගින් ලබා ගන්ඩ පුලුවන්. මෙහිදි Speakers 7ක් සහා, Subwoofer එකක් මගින් ශබ්දය ලබා ගත හැක. සාමාන්‍ය Computer එකක් මගින් මෙම 8CH තත්වට ශබ්දය මුදා හරින්න අවශ්‍ය තාක්ෂණික හැකියාව තියනවා... H265 Codec වීඩියෝ පිටපත් 8CH තත්වයෙන් නිකුත් වුවත්, H264 Codec පිටපත් 8CH තත්වයෙන් නිකුත් කරන්නේ නැති තරම්ය. මීට අමතරව තව 10.1, 11.1, 20.1, 22.1, 22.2 ආදී විවිධාකාරයෙ sounda channels වලින් අපිට Sounds OutPut කරගන්ඩ පුලුවන්. එවැනි සංකීර්ණ සහා උසස් ගණයේ ශබ්ද මාලා යොදාගන්නේ සිනමාහල් සඳහාය.
       ඒත අපි නිවසේ සිට Home Theater එකකින් හරි PC හෝ Amplifier එකකින් හරි හොඳම Quality එකෙන් Sounds ලබාගන්ඩ ඕනෙ නම්, ඔය ඉහත කියපු 6CH සහා 8CH අගය හොඳටම ප්‍රමාණවත්.. ඊට වඩා Quality ඕනෙ නම් ඉතින් Film halls තමා. 🤭 මේ විදිහට තමයි Film/ Tv series title එකේ කියෙන Bit සහා CH අගයෙන් වීඩියො පිටපතට යම් යම් වෙනස්කම් වෙන්නෙ. තව දෙයක්, අපි 6CH හෝ 8CH ආකාරයේ Video Copy එකක් download කරලා සාමාන්‍ය Speakers දෙකක්, Subwoofer එකක් සෙට් කරලා අර 6,8CH Sounds quality එක බලලා Quality එකක් නෑ කියලා කව්වට වැඩක් වෙන් නෑ.. ඒකට ඉස්සරලා කියපු Channels, Speakers ගණන අනිවාර්යයෙන්ම ඕනෙ වෙනවා.. 😁 ඔන්න ඕක තමයි කාටත් තේරෙන විදිහට බිට් සහා චැනල් ගැන කතාව... කලින් වතාවේ video Coding (H264,H265) ගැන නොදන්න පොඩි හරි දෙයක් දැනගත්තා වගේම, මෙමගිනුත් Bit සහා CH අගයන් ගැන පොඩි හරි අදහසක් එන්න ඇති කියලා හිතනවා..

 🤗 PsaRips, Pahein Web sites වලින්, ඉහත කී එක එකක් Qualities වල Tv series/ Films පිටපත් download කරගන්ඩ පුලුවන්.. ☑️ Hariනු 🖋️ Harinu subasinghe කියන සහෝ තමා ලියලා තියෙන්නෙ කොහොමද ටැලනට් එක
CopyD

Post a Comment

1 Comments

  1. Jackpot City Casino Site: Best Online Casino in India
    Jackpot City offers over 1600 online casino games. Choose from 500+ Slots, Blackjack, Roulette, Video 카지노사이트luckclub Poker and so much more. Sign up today!

    ReplyDelete

Thanks For the Your Comment..