Gotham Season 1-5 [Complete]

Gotham (2014–2019)Action, Crime, Drama, Mystery, Sci-Fi, Thriller|22 Sep 2014
7.8Rating: 7.8 / 10 from 190,942 users
 DC සිනමා විශ්වයේ ප්‍රධාණ චරිතය වෙන්නේ බැට්මෑන්. බැට්මෑන් කිව්වම කාගෙත් සිතට නැගෙන තවත් නමක් තියෙනවා. ඒ තමයි ගෝතම් නගරය (City of Gotham). ඔයාල මේ බලන්න යන්නේ බැට්මෑන් ගැන කතාවක්නම් නෙවෙයි. මේ තමයි ගෝතම් නගරයේ කතාව හෙවත් පුරවෘත්තයන්ගේ ආරම්භයේ කතාවයි.
ගෝතම්, නැත්නම්මීට අමතරව පෙර කාලයේදී Gotham Town (18වන සියවසේදී) Gotham; Nieuw Rotterdam (මූලික ලන්දේසි නම); Fort Adolphus යන නම්වලින් මේ නගරය හඳුන්වලා තියෙනවා. ගෝතම් කියන්නේ ප්‍රධාණ ජනපදයෙන් වෙන්ව තියෙන දූපත් කිහිපයක් එක්ව සෑදුනු නගරයක්. ප්‍රධාණ ජනපදයේ ඉඳන් ගෝතම් වලට පිවිසිය හැකි මාර්ග (පාලම්) දෙකයි තියෙන්නේ.ඉතින් මේ වෙන්ව තියෙන නිසාම ගෝතම් කියන්නේ අපූර්ව ස්වාධීන යුගයක තියෙන නගරයක්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයේ ගෝතම් ප්‍රදෙශයේ තමයි ගෝතම් නගරය පිහිටලා තියෙන්නේ. වර්ග කිලෝමීටර 846.9ක් පුරා ගෝතම් පැතිරිලා තියෙනවා.  
  ගෝතම් නගරයේ ප්‍රධාණ චරිතය බැට්මෑන් උනාට මේ කතාවේදී ප්‍රධාණ චරිතය වෙන්නේ ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ පුරාවෘත්තය වෙච්චි ජේම්ස් ගෝර්ඩ්න්. ගෝතම්හි සෑම චරිතයක් වටාම ගෝර්ඩ්න් ඉන්නවා(මෙයා ගැන විස්තර කියනවාට වඩා හොඳයි කතාව බලලම එයාගේ ජීවිත කතාව බලන එක).
පොලිස් පරික්ෂනයෙක් වන තරුණ ගෝර්ඩ්න්ගේ කතාව සැබවින්ම පටන් ගන්නේ බෘස් වෙයින් හමුවීමත් එක්කයි. දාමරිකයෙක් අතින් තම දෙමව්පියන් මියයනු දුටු බෘස් ගේ සිත සනසන්න මූලික වන්නේ ඇල්ෆ්‍රෙඩ් වුවත් බෘස් ගේ සිත වෙනමම මානයකට යවන්නේ ගෝර්ඩ්න්. පසුකලෙක බැට්මෑන් ලෙස පැමිණෙන්නට බෘස් ට එක හේතුවක් වෙන්නේ එදා සිදූවූ මෙම සිද්ධියයි.
බැට්මෑන්, කැට්වුමන්, පොයිසන් අයිවී, රිඩ්ලර්, පෙන්ගුයින්. මේ හැමෝගෙම ජීවිත තුල කොතැනක හෝ ගෝර්ඩ්න් ඉන්නවා. මේ කව්රුවත් උපතින් වීරයෙක් හෝ දුෂ්ටයෙක් උනේ නැහැ. මොවුන්ව මේ තත්වයට පත්කරේ ගෝතම්හි ඔවුන් පත්වුණු තත්වයන් අනුවයි. උදාහරණයක් ලෙස බැට්මෑන් ලෙස සැකසෙන්න බෘස් ට සිදුවූයේ තම දෙමාපියන්ගේ මරණයි. 
පෙන්ගුයින් සමාජයේ විහිලුවට ලක්වූයෙක්, කැට්වුමන් මුඩුක්කු ජීවිතය අත්දැකපු කෙල්ලෙක්. ඒ නිසා ගෝතම් යනු ගොර්ඩ්න්ගේ කතාව පමණක් නෙවෙයි. මේක බෘස් ගේ කතාවක්, අයිවිගේ කතාවක්, සෙලීනාගේ (කැට්වුමන්) කතාවක්, පෙන්ගුයින්ගේ කතාවක්. ඒ වගේම ගෝතම්හි ප්‍රධාණම සතුරා වන ජෝකර් ගේ කතාවක්.


මේ වෙනකොට IMDb අගය 7.8 ක් වගේම කුණු තක්කාලි අගය 77% අරගන්න සමත් වෙලා තියෙනවා.Crime, Fiction, Action, Crime, Drama යටතට ගැනෙන මෙම කතා මාලාව Bruno Heller විසින් නිර්මාණය කෙරුණක්. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ DC කොමික් විශ්වයේ Batman සහ James Gordon යන චරිත වලට අදාළ කතා ප්‍රධාණවම ඇතුලත් DC Entertainment හි නිර්මාණයි.









Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම්  uasinka@gmail.com හො අපගෙ Facebook      පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Post a Comment

0 Comments