The Lost Room Season 1 Complete

The Lost Room (2006)
 TV Mini-Series (2006)

270 min|Action, Fantasy, Mystery, Sci-Fi|11 Dec 2006
8.2Rating: 8.2 / 10 from 27,732 usersMetascore: N/A



The Lost Room (2006) එහෙම නැත්නම් "අතුරුදන් වූ කාමරය" කියන්නේ IMdbදර්ශකයේ 8.2/10 ක අගයක් ලබාගත් විද්‍යාප්‍රබන්ධ ගණයට අයත් Mini-Series එකක්. කාල-අවකාශ තරණය සම්බන්ධව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිර්මාණය කෙරුණු මේ ටෙලිවෘතාන්තය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර සම්මාන 13 කට නිර්දේශ වුණා.
ජෝ මිලර් කියන්නේ අපරාධ පරීක්ෂකයෙක්, ඔහුට අවුරුදු අටක කුඩා දියණියක් ඉන්නවා. උකස් භාණ්ඩ සාප්පුවක අබිරහස් සහ ගුප්ත ලෙස සිදුවුණු ද්විත්ව මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ජෝ ට බාරවෙනවා. ඝාතනයට ලක්වුණු දෙදෙනාම දරුණු ලෙස පිළිස්සිලා. එහෙත් ඔවුන් ඇඳ සිටි එකම ඇඳුමක් වත් පිළිස්සී නැහැ.  මේ සිද්ධියේ එකම ඇසින් දුටු සාක්ෂිකරු වියහැකි ඉගී නම් තරුණයා අපරාධ ස්ථානයට ඇතුළු වුණත් ඔහු කිසිවිටෙක එයින් පිටවී නැහැ. ඔහු අතුරුදන් වෙලා.පසුව විමර්ශනය ඉදිරියට ගෙනයන අතරේ අර තරුණයා, ඉගී සොයාගැනෙනවා. අනතුරුව ඉගී සාහසිකයෙකුගේ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වෙනවා.එම අවස්ථාවේ දී ඔහු ජෝට  යතුරක් භාරදෙන්නේ "මෙයින් හැම දොරක් ම ඇරෙනවා!"එය සන්ෂයින් තානායමේ කාමර අංක 10 හි යතුර. මේ යතුර පසුපස හඹා එන කල්ලි කිහිපයක් තියෙනවා. යතුර ජෝ සතුවූ බව දැන මේ කල්ලි ජෝ පසුපස හඹා එනවා. වීසල් එවැනි එක් අයෙක්. ඔහු ජෝ සමඟ යතුර ලබාගැනීමට අරගල කරන අවස්ථාවේ දී විසල් විසින්  ජෝගේ දියණිය ඇනාව, කාමර අංක 10 තුළට යවා කාමරය වහනවා . යළිත් යතුරෙන් දොර විවර කළත් ජෝගේ දියණිය එතුළ නැති බව ජෝ දකිනවා. ඇය අතුරුදන් වෙලා. ජෝ, වීසල් භාවිතා කරමින් තම දියණිය සොයාගැනීමට උත්සහ කරනවා.ඉන්පසු රාජකාරි සියල්ල පසෙක දමන ජෝ තම දියණිය ආපසු ලබාගැනීමේ අරමුණෙන් මේ අද්භූත කාමරයත්, යතුරත් ඒ හා බැඳුනු "වස්තුන්" (The Objects)පිළිබඳවත් තොරතුරු ගවේෂණය කරනවා. පියවරෙන් පියවර මේ අබිරහසේ ඉදිරියට යන ඔහුට තම දියණියට වුණු දෙය හොයාගන්න හැකි වෙයිද? ඇයව ආපසු ලබාගන්න හැකි වෙයිද?කතාව බලලා ම ඇයට වුණු දෙය දැනගන්න එහෙනම්!
 Copyed




Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම්  uasinka@gmail.com හො අපගෙ Facebook      පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Post a Comment

0 Comments