How To Get International Driving License in sri lanka

How To Get International Driving License in sri lanka
(ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් ලබාගැනිම)


හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් ලබා ගන්නෙ කොහොමද කියලා..


ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් ලබා ගැනිම සදහා ඔබ යා යුත්තේ කොලඹ 03 නො 40, ශ්‍රි මොහොමඩ් මාකන් මාවතේ තිබෙන Automobile Association Of Ceylon යන ආයතනයේ 3 වන මහලෙ තිබෙන කාර්යාලයටයි.

රැගෙන ආයුතු දෙවල්

1. පාස්පොර්ට් ප්‍රමාණයෙ වර්ණ ඡායාරුප 2 ක්.
2. රියදුරු බලපත්‍රය.
3. රියදුර බලපත්‍රයෙ Photo copy 1 ක්.

පහත තිබෙන අයදුම් පත්‍රය පුරවා කාර්යාලයට භාර දෙන්න. මෙය ඔබට එම කාර්යලයෙන් ලබගත් හැක
මෙම ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය ඔබට ආකර දෙකකින් ලාබා ගත හැක.

1. Driving License permit එකක් ලෙස එයට රු.2 250ක මුදලක් අයකෙරෙ.













2. Driving Licence Card එකක් ලෙස එයට රු.6 500 ක මුදලක් අයකෙරෙ.













මෙම ආකාර දෙකෙහිම වල‍‍න්ගු කාලය අවුරුද්දකි..

ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය ඔබ වෙත නිකුත් කිරිමට වැඩ කරන දින දෙකක් ගතවෙ. ඔබ Driving License permit එක බාවිතා කරන සැම විටම ඔබගේ ලාන්කික රියදුරු බලපත්‍රයද එය සමග ලග තබා ගත යුතුය...

ආයතනයේ වැඩ කරන වෙලාවන් සතියේ දින වල පෙ. ව 8.00 සිට ප. ව4.30 දක්වා.

දුරකතන අන්කය - 011 2 421 528
වෙබ් ලිපිනය - https://www.aaceylon.lk/
ලිපිනය40 ශ්‍රි මොහොමඩ් මාකන් මාකර් මාවත, කොලඹ 3

Google Mpaps location https://www.google.lk/maps/place/Automobile+Association+of+Ceylon/@6.9348087,79.8615235,13z/data=!4m12!1m6!3m5!1s0x3ae2593f1ec64757:0x6088fc503ea30568!2sAutomobile+Association+of+Ceylon!8m2!3d6.9216234!4d79.8481125!3m4!1s0x3ae2593f1ec64757:0x6088fc503ea30568!8m2!3d6.9216234!4d79.8481125

Post a Comment

0 Comments