Android FRP Lock Tutorial and Bypass trick




ඔන්න අදත් පොඩි ටියුට් එකක් අරගෙන ආවා. මේක නම් ඇන්ඩ්‍රොයිඩ් user ලට ගොඩක් වැදගත් වේවි








ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නැති උනා කියලා හිත්න්නකෝ. ඉතින් මේ ෆෝන් එක ගන්න කෙනාට පුලුවන් ෆෝන් එකට password එකක් දාලා තිබුනත් ඒක factory data reset කරලා අයින් කරගන්න. ඒත් ඉතින් ඌට පුලුවන් ෆෝන් එකේ ඩේටා ටික recover කරගන්න. අන්න ඒ දේ නම් දුරකතන හිමියට එච්චර හොද දෙයක් නෙවෙයි. 

මෙන්න මේ ප්‍රශ්නය නිසා google සමාගම මේකට පොඩි පියවරක් ගත්තා. ඒ තමයි Android 4.4 (Kit Kat) වල ඉදන් එන නව සංස්කරණ වලට FRP lock එකක් හෙවත් Factory Reset Protection lock එකක් ඇතුළත් කරන එක.

ප.ලි. - දන්න විදිහට ඕක එව්වේ Android lolipop version එකේ ඉදන්. ඒත් අද එකතරා තැනක තිබුනා Kit Kat වලත් තියනවා කියලා. ඒක නිසා මෙතන Kit Kat වල ඉදලා කියලා කිව්වා. ඒත් ඒ ගැන පොඩ්ඩක් බලන්න. 

ඉතින්, කවුරු හරි කෙනෙක් ෆෝන් එක reset කරොත් ෆෝන් එකට FRP lock එක වැටෙනවා.  එතකොට කරන්න තියෙන්නේ ෆෝන් එකට ලොග් වෙලා හිටිය gmail account එක භාවිතා කරලා ෆෝන් එකට ලොග් වෙන්න එක. 

gmail account එක තමා හැර වෙන කවුරුත් දන්නේ නෑනෙ. ඉතින් ෆෝන් එක අන්සතු උනත් ඌ ෆෝන් එක reset කරොත් නම් ඌට රත්නත්තරේ පිහිටයි. ඒ වගේම ඔයත් ඔයාගේ gmail account එකේ login details මතක නැතුව ෆෝන් එක reset කරොත්  පඩුරක් ගැටගහපන් බෝධි‍යේ ෆෝන් එක නමින්. 

ඔන්න ඕක තමයි මේ FRP Lock එක කියන්නේ.

ඉතින් මේ ලොක් එක වැටුනම කලින් කිව්වා වගේ login details මතක නැති උනහම මොකද කරන්නේ? 

මට ඒකට හොද ක්‍රමයක් අහු උනා. මෙන්න මේ වීඩියෝ එකේ විදිහට FRP lock එක remove කරගන්න. වීඩියෝ එකේ නම් තියෙන්නෙ Samsung J7 එකක lock එක අයින් කරන හැටි. ඒත් අනිත් ෆෝන් වලටත් වෙනසක් නෑ.


මතක ඇතුව ෆෝන් එකේ model එක හරියට බලාගන්න. ඒක හරියට තෝරන්න.

මේකට octoplus කියන tool එක යූස් කරනවා. ඒක මෙතනින් භාගන්න.

(Skip ADD පාරක් දාලම යන්න)


ප්‍රශ්නයක් තියෙයි නම් අහන්න. අනිවා උදව් කරන්නම්. 


                 Special Thanks Too

#ShadoW
 SRIMAFIA
Sri Mafia
http://srimafia.com/threads/android-frp-lock-tutorial-and-bypass-trick.253/

Post a Comment

1 Comments

Thanks For the Your Comment..